පර්ත් සිංහල පාසලට තවත් අධ්‍යාපනික ජයග්‍රහණයක්

පර්ත් සිංහල පාසලට තවත් අධ්‍යාපනික ජයග්‍රහණයක් ලබා ගැනීමට මෙම වසරේදී හැකිවූ බව ඉතා සතුටින් දැනුම් දෙමු. එනම් 2022 වසරේ සිට 11 වසරේ ඉගෙන ගන්නා සිසුන්ට 12 වසර සිංහල විභාගයට පෙනී සිටීමට (වසරක් කලින්) පර්ත් සිංහල පාසල තුළදී හැකිවීමයි (As an accelerated subject in Year 11). මෙම අවස්ථාව මුලින්ම ලැබෙන්නේ මෙම වසරේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ටය.

එමෙන්ම පසුගිය වසරේදී ලැබූ විශාල ජයග්‍රහණයක් වූයේ පර්ත් සිංහල පාසලේ 12 වසරේ සිසුන් සම්පූර්ණ කරන ඇගයීම් සඳහා 12 වසරේ සිංහල විභාගයට හිමි වන අවසාන ලකුණු වලින් 50% ලබාගැනීමට අවස්ථාව ලැබීමයි. එම ඇගයීම් 11 සහ 12 වසර විෂය නිර්දේශ ඉගැන්වීමේදී සිදු කරන අතර එම ඇගයීම් භාරව කටයුතු කරන්නේ ද්විතියික පාසල් ගුරුවරියක වන ජනනි කුලසේකර මහත්මියයි. .එහි වාසිය පළමුවෙන් හිමිවෙන ශිෂ්‍ය කණ්ඩායම මෙම වසරේදී 12 වසර විභාගය සඳහා පෙනී සිටින සිසුන්ය.

Please follow and like us:
Advertisement With Perth Sinhala School
Advertisement - Frehan Design
Advertisement - NAB
Advertisement - Perth Builders